නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ශ්‍රි ල.නි.ප ආසන සංවිධායකවරු අතර හමුවක්

    පෙබරවාරි 23, 2017

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් ඊයේ  (22) දහවල් ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    වත්මන් දේශපාලන කටයුතු සහ පළාත් සංවර්ධන කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ඒ පිළිබඳ ආසන සංවිධායකවරු අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.

    වර්තමාන දේශපාලන පසුබිම තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ජයග‍්‍රාහී ලෙස ඉටුකිරීමට සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පක්ෂයේ යාන්ත‍්‍රණය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යමින් ගුණාත්මක සහ අවංක දේශපාලන ව්‍යාපාරයකට සියලුදෙනා කැපවිය යුතු බව ද කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග‍්‍රාමාත්‍ය දී.මූ ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya