අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති G 77 නායක සමුළුවේ සමාරම්භයට එක් වේ

    ජූනි 15, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සෙනසුරාදා (14) සන්ධ්‍යාවේ බොලීවියාවේ සැන්ටා කෲස් නුවර එක්ස්පෝ කෲස් කේන්ද්‍රයේ පැවති G 77 කණ්ඩායමේ හා චීනයේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී විය.  


    “යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක්”, යන්න තේමා කොටගෙන නායක හමුව සංවිධාන කොට තිබේ. සමුළුවේ පූර්ණ රැස්වීම හෙට පැවැත්වේ.


    G 77 සාමාජික රටවල් 133 රාජ්‍ය හා ආණ්ඩු නායකයෝ රැසක්, ඉහළ පෙළේ දූත කණ්ඩායම් සහ අන්තර්ජාතික සංවිධාන කිහිපයක ප‍්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් මෙම සමාරම්භක උළෙලට එක්ව සිටියහ. එය පැවැත්වුනේ G 77 කණ්ඩායමේ වත්මන් සභාපති හා බොලීවියාවේ ජනාධිපති ඊවෝ මොරාලෙස් (Evo Morales) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් (Ban Ki-moon) සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ජෝන් ඩබ්. ඈෂ් (John W. Ashe) යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.


    G 77 සංවර්ධනය වන ජාතීන් අතර සහෝදරත්වය මූර්තිමත් කරන බව කී ජනාධිපති මොරාලෙස් මැතිතුමා එය ගත වූ 50 වසර තුළ බොහෝ ජයග‍්‍රහණ අත් කරගැනීමට සමත් වී ඇතැයි පැවසීය. එසේ වුව ද වත්මන් ලෝකය බරපතළ අර්බුද ගණනාවකට ගොදුරු වී සිටින බව එතුමා පෙන්වා දුන්නේය. ආර්ථික හා මූල්‍ය, බලශක්ති, සාරධර්ම අර්බුද සහ දේශගුණික විපර්යාස ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. සාගින්න හා දිළිඳුකම පිටුදැක, යහපත් ගෝලීය සමාජයක් ගොඩ නැගීමට නම් වත්මන් අසාධාරණ ලෝක රටාවේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ යුතු බව අවධාරණය කළ බොලීවියා ජනාධිපතිතුමා එහි ලා G 77 කණ්ඩායමට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇතැයි සඳහන් කළේය.


    ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් නියෝජනය කරන G 77 කණ්ඩායම 2015න් පසු ගෝලීය සංවර්ධය න්‍යායපත‍්‍රය සැකසීමට නිර්මාණශීලී ලෙස හවුල් විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මැතිතුමා අවධාරණය කළේය. දේශගුණ විපර්යාස ජය ගැනීමට නම් නෛතික බැඳීමක් සහිත අන්තර්ජාතික ගිවිසුමක් අත්‍යවශ්‍ය බව මහ ලේකම්වරයා පැවසීය.


    G 77 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණක් වන දකුණු - දකුණු සහයෝගීතාව ලෝකයේ ඉදිරි ගමනට විශාල පිටිවහලක් වුව ද එය දකුණු - උතුරු සහයෝගීතාව බැහැර කිරීමට හේතුවක් නොවිය යුතු යයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ජෝන් ඩබ්. ඈෂ් මහතා පැවසීය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන හා කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්ම මහත්මීහු මෙම සමාරම්භක උළෙලට එක්ව සිටියහ.


    HC/PS&IMU_Pix By: Sudath Silva

    President Rajapaksa Attends the Opening Session of the G77China Summit 1

    President Rajapaksa Attends the Opening Session of the G77China Summit 2

    President Rajapaksa Attends the Opening Session of the G77China Summit 3

    President Rajapaksa Attends the Opening Session of the G77China Summit 4

    President Rajapaksa Attends the Opening Session of the G77China Summit 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya