අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාධක ජයගන්න එක්ව වැඩ කරමු - ජනපති නැමීබියාවට කියයි

    ජූනි 15, 2014

    "අනිසි බාහිර බලපෑම් ඇතුළු බාධක ජය ගැනීමට අප එකට එක් විය යුතුයි. මෑත කාලයේ විදේශ මැදිහත්වීම් සිදුව ඇති රටවල තත්ත්වය අද පෙරටත් වඩා අයහපත්. සිදුව ඇත්තේ එවැනි රටවල් තවත් අවුල් වීම පමණයි" යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැමීබියානු අග‍්‍රාමාත්‍ය හගේ ගෙයින්ගොබ් (Hage Geingob) මැතිතුමා සමග පැවසීය.


    ජී77 ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා දැන් බොලීවියාවේ සැන්ටා කෲස් නගරය වෙත ගොස් සිටින ජනාධිපතිතුමා සහ නැමීබියානු අග‍්‍රාමාත්‍යතුමා අතර හමුව ඊයේ (14) දහවල් ලොස් ටජිබොස් (Los Tajibos) හෝටලයේ දී සිදු විය. ගෙයින්ගොබ් මැතිතුමා සිය ජනාධිපති හිෆිකෙපුන්යේ පොහම්බා (Hifikepunye Pohamba) මැතිතුමාගේ සුබ පැතුම් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.


    ගැටුම අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිතුමා අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සටන්කරුවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම, ළමා සෙබළුන් නිදහස් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය යන ක්‍ෂේත‍්‍රවල කෙටි කලක් ඇතුළත විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව පෙන්වා දුන්නේය.


    "උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අපට  හැකි වුණා. ජාතික සංහිඳියාව සඳහා කොමිෂන් සභා පත් කළා. එකක් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම. අනෙක අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිසම. ජනතාව සාමයෙන් ජීවත් වෙනවා. අසතුටෙන් සිටින්නේ දේශපාලකයන් හා රටට සතුරු බලවේග පමණයි" යයි ජනාධිපතිතුමා විස්තර කළේය.


    තම රට මුහුණ පා සිටින සමාන ප‍්‍රශ්න ගැන සඳහන් කළ නැමීබියානු අග‍්‍රාමාත්‍යතුමා ශ‍්‍රී ලංකාවෙන් නැමීබියාවට ලැබී ඇති උපකාර පිළිබඳව ජනාධිපතිතුමාට සිය ස්තුතිය පුද කළේය.

     

    Namibian Prime Minister meet HE mahinda Rajapaksa


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න හා කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්ම මහත්මීහු හමුවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya