අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා බොලීවියාවට ළඟා වෙයි

    ජූනි 13, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 77 කණ්ඩායමේ (ජී 77) ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වනු පිණිස අද (13 සිකුරාදා) උදේ බොලීවියාවේ සැන්ටා කෲස් ඩි ලා සියෙරා නගරය වෙත ළඟා විය.


    විරු විරු (Viru Viru) අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමූ අතර, එතුමා පිළිගන්නා ලද්දේ බොලීවියානු සෙනෙට් සභාවේ සභාපති යුජිනියෝ රෝහාස් අපාසා (Eugenio Rojas Apaza) සහ කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්වරු විසිනි.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා බොලීවියා හි චාරිකාවක නිරත වන ප‍්‍රථම ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයා වේ.


    නායක හමුව ජුනි 14 සහ 15 දෙදින බොලීවියාවේ සැන්ටා කෲස් ඩි ලා සියෙරා නගරයේ දී පැවැත්වේ. එය “යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක්”, යන්න තේමා කොට ගෙන තිබේ.


    ජී 77 නමින් ප‍්‍රචලිත “77 කණ්ඩායම සහ චීනය” යන නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වන රටවල සන්ධානයකි. එය සාමාජික රටවල සාමූහික ආර්ථික අභිලාෂයන් ප‍්‍රවර්ධනය, එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත සියලු ප‍්‍රධාන අන්තර්ජාතික ආර්ථික විෂයයන් සම්බන්ධ සාකච්ඡාවල දී ඒකාබද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියා කිරීම සහ සංවර්ධනය උදෙසා දකුණු-දකුණු සහයෝගිතාව ප‍්‍රවර්ධනය අරමුණු කොටගනී.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා 15 වැනි දා නායක සමුළුව අමතයි.  එතුමා සමුළුවට සහභාගී වන සෙසු රාජ්‍ය නායකයන් ගණනාවක් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ අමාත්‍යංශයේ අධික්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටිති.   


    HC/NP_PS&IMU_Pix by: Sudath Silva

    President Rajapaksa Arrives in Bolivia

    President Rajapaksa Arrives in Bolivia 1

    President Rajapaksa Arrives in Bolivia 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya