අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් සිදුනොකළ යුතු බවට මන්ත්‍රීවරුන්ගේ යෝජනාව පාර්ලිමේන්තුවේ දෙදිනක් විවාදයට

    ජූනි 13, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව ලබන 17 සහ 18 දිනවල පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට අද (13) තීරණය කරනු ලැබූ බව නියෝජ්‍ය කතානායක කාර්යාලය පවසයි.


    අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ තීරණයට එළැඹ ඇති අතර දෙදින විවාදය18 වැනිදා පස්වරු 6.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය ශ්‍රී ලංකාවේ සංහිදියාවේ ක්‍රියාදාමයට හා සාමයට හානිකර වන හෙයින්ද , ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභිමානයට හා උදාරත්වයට අභියෝගයක් වන හෙයින්ද , එකී පරීක්ෂණය සිදු නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අචල ජාගොඩ, ජානක බණ්ඩාර, උදිත් ලොකුබණ්ඩාර, ඒ.එච්.එම්. අස්වර්, ශාන්ත බණ්ඩාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, නිමල් විජේසිංහ, ආර් දුමින්ද සිල්වා මහත්වරු සහ මාලනී ෆොන්සේකා මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya