අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳ හිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

    ජූනි 12, 2014
    ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාද්වීපය මුදා ගැනීමේ ජයග්‍රහණය සංකේතවත් කරනු වස් ඓතිහාසික අනුරාධපුර පුද බිමේ ඉදිකරන සඳ හිරු සෑයේ ස්ථූප ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත්විණි.
     
    සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වෙන අතර ජනාධිපතිතුමා එම සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තේය.
     
    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE sanda hiru 2
     
     
    HE sanda hiru-1
     
    HE sanda hiru 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya