අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අනුරාධපුර පොසොන් වැඩසටහන් රැසකට සහභාගි වේ

    ජූනි 12, 2014
    පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලා පුද බිම ආශ්‍රිත ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ වැඩසටහන් රැසක් අද (12) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
     
    ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය එක්ව ක්‍රියාවට නංවා ඇති පොසොන් පරිසර සත්කාරක වැඩසටහන මෙවරත් අනුරාධපුර පුද බිමේ දී පැවැත්වෙන අතර එම වැඩසටහන සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එක් විය.
     
    "පිරිසිදු පරිසරය පූජනීයයි" තේමාව යටතේ මෙවර වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශය විසින් මිහින්දලා පුද බිමේ සංවිධානය කරන ලද පොසොන් පොත් දන්සැල ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණු අතර ඒ වෙත පැමිණෙන දරුවන් වෙත පොත් පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    මිහින්තලා පුද බිමේ සංවිධානය කොට තිබූ බත් දන්සැල ද ජනාධිපතිතුමා අතින් විවෘත විය.
     
    මෙම අවස්ථාවන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    HE poson a pura 1
     
     
    HE poson a pura 2
     
    HE poson a pura 3
     
    HE poson a pura 4
     
    HE poson a pura 5
     
    HE poson a pura 9
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya