අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් ආශිර්වාද ලබා ගනී

    ජූනි 12, 2014
    පොසොන් පෝදා පැවැත්වෙන උත්සව රැසකට එක්වීම සඳහා අනුරාධපුරය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (12) උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරකද නිරත විය.
     
    අනතුරුව ඓතිහාසික රුවන්වැලි සෑය අභියස පැවැති ආගමික වතාවත් සඳහාද සහභාගි වී ආශිර්වාද ලබාගත් අතර රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද සුවදුක් විචාළේය.
     
    පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ නන් දෙසින් අනුරාධපුර පුද බිම වෙත පැමිණි සිටි ජනාතාව හමු වු ජනාධිපතිතුමා ජනතාව සමඟද කතා බස් කළේය.
     
    DB
     
    HE sri maha bodiya 1
     
     
    HE sri maha bodiya 2
     
    HE sri maha bodiya 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya