මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පුලතිසිගම ඔසුපැන් දන්සැලකට යයි

    ජූනි 12, 2014
    සෝමාවති - පොලොන්නරුව මාර්ගය විවෘත කිරීමට ගිය ජනාධිපතිතුමා නැවත පැමිණෙන අතරවාරයේ පුලතිසිගම ප්‍රදේශයේ  පැවැති ඔසුපැන් දන්සැලකට ගොඩ වැදුණේය.
     
    පුලතිසිගම සිරි පැරකුම්බා පිරිවෙනේ දායක සභාව විසින් මෙම ඔසුපැන් දන්සැල සංවිධානය කර තිබූ අතර එහි දහම් පාසල් සිසුන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා ද ඊට එක්ව සිටියහ.
     
    එම සියලු දෙනා මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත් අතර ජනාධිපතිතුමා වෙත ඔසුපැන්වලින්ද සංග්‍රහ කළේය.
     
    තම කුඩා දන්සැල වෙත පැමිණි තම නිහතමානී රාජ්‍ය නායකයාට ඔවුහු සිය හදපිරි ගෞරවය පුද කර සිටි අතර ප්‍රදේශයේ තොරතුරුද තම ලෙන්ගතු රාජ්‍ය නායකයා සමඟ කතා බහ කළහ.
     
    DB
     
    HE pol osu pen 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya