මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා ආලෝක පූජාව ජනපති සුරතින් විවෘත කෙරේ

    ජූනි 12, 2014
    පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ලේක් හවුස් ආයතනය 52වැනි වරටත් සංවිධාන කරන මිහින්තලා ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (11) පස්වරුවේ විවෘත කෙරිණි.
     
    මිහින්තලය රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කරන මෙම මහඟු පිංකමේ ආලෝකය විවෘත කරන්නට ජනාධිපතිතුමා පැමිණි දෙවැනි වාරය මෙය වේ.
     
    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ මිහින්තලා පුද බිම විදුලි ආලෝකයෙන් එළිය කරවන මිහින්තලා ආලෝක පූජාවට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රාහකත්වය දක්වයි.
     
    වළහාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ මෙහිදී අනුශාසන දේශනය සිදු කළ අතර ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් පිළිගැනීමේ කතාව කරන ලදී.
     
    පොසොන් පොහොය නිමිත්තෙන් දිනමිණ පුවත්පත සමඟ පිරිනැමෙන "අනුරපුරේ ශ්‍රියා" විශේෂ අතිරේකය ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වන ලදී.
     
    අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද පොත් දන්සැලද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ජනාධිපතිතුමා දන්සැල වෙත පැමිණි දරුවන් වෙත පොත් බෙදීම සිදු කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි. එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    HE mininthale 1
     
     
    HE mininthale 2
     
    HE mininthale 3
     
    HE mininthale 3 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya