මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තඹලවැව මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ නිරාවරණය කෙරේ

    ජූනි 12, 2014
    පොලොන්නරුව, තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.
     
    මෙම විහාරස්ථානයේ නැණසල මධ්‍යස්ථානයද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. 
     
    විහාරාධිපති පූජ්‍ය ගල්පෝරුයායේ ප්‍රදීපවංශ නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේට පිරිකරද පූජා කළේය.
     
    මෙම අවස්ථාව සනිටුහන් කරමින් විහාර භූමියේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
     
    HE polonnaruwa thabalawewa 2
     
    HE polonnaruwa thabalawewa 3HE polonnaruwa thabalawewa 4HE polonnaruwa thabalawewa 5HE polonnaruwa thabalawewa 6
     
     
     
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya