අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ සාගර ස්වයං ආරක්‍ෂක බලකා කාර්යමණ්ඩල ප‍්‍රධානී ජනපති බැහැදකී

    ජූනි 12, 2014

    ජපානයේ සාගර ස්වයං ආරක්‍ෂක බලකායේ කාර්යමණ්ඩල ප‍්‍රධානී අද්මිරාල් කට්සුටෝසි කවානෝ (Admiral Katsutosi Kawano) අද (12) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බැහැදුටුවේය.


    දෙපළ අතර සාකච්ඡාවන්හි මූලික තැනක් ගත්තේ සාගර ආරක්‍ෂාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ දී හා වෙනත් සමුද්‍ර අංශයන්හි දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමයි.


    ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගැනීමට ජපන් නාවික හමුදාව කැමති වනු ඇති බව අද්මිරාල් කවානෝ පැවසීය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ දී  ශ‍්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් දායකත්වය හා මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමේ දී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කර අවස්ථා හා සාර්ථකත්වය ළඟා කර ගත් ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා විස්තර කළේය.


    "ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය" බව පෙන්වා දෙමින් ශ‍්‍රී ලංකාවේ වරාය පිළිබඳව ජපානය දක්වන උනන්දුව අද්මිරාල්වරයා පැහැදිලි කළේය. ගත වූ වසර 1 1/2 ඇතුළත ජපන් යුද නැව් 15ක් කොළඹ වරායට පැමිණ ඇත.


    කොළඹ වරායට අමතරව විශේෂයෙන් මීටර් 17ක ගැඹුරකින් සමන්විත වීම නිසා හා ලෝකයේ කාර්යබහුල පෙර අපර දෙදිග නැව් මාර්ගයට සමීපව පිහිටා තිබීම නිසා හම්බන්තොට වරායේ ඇති අවස්ථා අධ්‍යයනය කිරීමට තමා කැමති බව අද්මිරාල් කවානෝ පැවසීය. ජපානයේ කැමැත්ත සාදරයෙන් පිළිගත් ජනාධිපතිතුමා, හම්බන්තොට වරාය නැරඹීමට යන්නැයි අද්මිරාල්වරයා උනන්දු කළේය.


    ජපානය සැමවිටම ශ‍්‍රී ලංකාවට ආධාර සපයන ප‍්‍රධාන රටක් බව සිහිපත් කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, ජපානය ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පුද කළේය. ජපන් අගමැති ෂින්සෝ අබේ මැතිතුමා ශ‍්‍රී ලංකාවේ චාරිකාවක නිරත වනු දැකීමට තමා බලාපොරොත්තු වන බව ද එතුමා සඳහන් කළේය.


    අද්මිරාල් කවානෝගේ චාරිකාව ජපානයේ තරු 4 සහිත අද්මිරාල්වරයෙකුගේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා චාරිකාව වේ. 2013 මැයි මාසයේ ජනාධිපතිතුමාගේ ජපන් චාරිකාව අතරතුර රාජපක්‍ෂ මැතිතුමා හා අගමැති අබේ මැතිතුමා අතර පැවති හමුවේ ඍජු ප‍්‍රතිඵලයක් වන දෙරටේ නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත් පියවරක් අද්මිරාල්වරයාගේ මේ ශ‍්‍රී ලංකා චාරිකාව සනිටුහන් කරයි.


    ශ‍්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ද හමුවට එක්ව සිටියේ ය.


    HC/NP/PS&IMU_Pix By : Nishanka de Silva

    Chief of Staff of Japans Maritime Self-Defense meet President Rajapaksa

    Chief of Staff of Japans Maritime Self-Defense meet President Rajapaksa 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya