මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ඉදිකිරීම් රැසක් ජනපති අතින් සිසු අයිතියට

    ජූනි 11, 2014

    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකිරීම් රැසක් අද (11) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


    මේ විද්‍යාලයේ නව පරිපාලන සංකීර්ණය හා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රතිසංස්කරණය කළ සී.පී. ද සිල්වා අනුස්මරණ රංග ශාලාව ද සිසු අයිතියට පවරා දුන්නේය.


    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පූර්ණ ප්‍රතිසංස්කරණයකට විද්‍යාලය ලක් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3200කි.


    සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටි අතර අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති අයි.කේ.කේ. රවිලාල් විජයවංශ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu

    1 1

     

    17

     

    4 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya