අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිඳු හිමියන් ගෙනා බුදු දහමින් අපගේ දිවිමඟ ගොඩනැඟුණා

    ජූනි 12, 2014
    මේ පොසොන් සමයේ මිහිඳු හිමියන් සිහිපත් කිරීම වසර දහස් ගණනක් බුදු දහම රැකගත් ජාතියටද කළ හැකි උපහාරයක් වන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පොසොන් දින පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරයි.
     
    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීම සිහිපත් කරමින් ලංකාවාසී බෞද්ධ අප සෑම අසිරිමත් පොසොන් මංගල්‍යයක්ම සමරන්නේ මහත් වු ශ්‍රද්ධා භක්තිය පෙරදැරිවය.
     
    මිහිඳු හිමියන් මෙයට වසර 2250කට පෙර වැඩම වූ ථෙරවාදී බුදු දහම එදා සිට අප දේශයේ සංස්කෘතිය, ජීවන මඟ ගොඩනැඟු දහම විය. මිනිස් ජීවිත සේම, ගහ කොළ සතා සිවුපාවාගේ, ඇළ දොළ ගංගාවල පැවැත්ම ද තහවුරු කිරීමට අපගේ දර්ශනය වූයේ බුදු දහමයි. එසේම ඉවසීම, කරුණාව, දයාව හුරු ජාතියක් වු අප ලොව අන්‍ය ලබ්ධිකයන්ගේද ජාතීන්ගේද ආදරයටත් ගෞරවයටත් පත්විය.
     
    අදත් රට නිවැරදි දිශානතියකට යොමුව ඇත්තේ මිහිඳු හිමියන් පෙන්වා දුන් මඟ හැර වෙනත් මඟක් රට ගොඩනැගීමට නැති බව අප දැඩිව පිළිගත් නිසාය. එබැවින් ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදුනු; දයාව, කරුණාව පෙරට ගත් සමාජයක් අද ගොඩනැගී තිබේ. අන්‍ය මත ඉවසීමත් ගරු කිරීමත් අප විසින් තහවුරු කරන ලද සහජීවනය තවතවත් වර්ධනය කරවයි. මිහිඳු හිමියන්ගේ පළමු අවවාදයෙන් අප දොහොත් මුදුන් දී පිළිගත් විචාරශීලි බව ජාතියට මහා පවුරක්ව තිබේ. 
     
    බුදු වදනේ සඳහන් "උට්ඨානමතෝ සතිමතෝ" ගුණයෙන් හෙවත් උත්සාහයත්, යහපත් සිහියත් ඇති ව සැබෑ බෞද්ධයන් ලෙස තවතවත් අපගේ අධ්‍යාත්මික හා සාමාජික දිවිය සරු කොට ගත යුත්තේය. 
     
    එය මේ පොසොන් සමයේ මිහිඳු හිමියන් සිහිපත් කරමින් වසර දහස් ගණනක් බුදු දහම රැකගත් ජාතියටද කළ හැකි උපහාරයක් වන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya