මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්න

    ජූනි 11, 2014

    දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ වැඩ කටයුතු කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


    නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා යුද හමුදාව වෙත මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා ඊට අදාළ සැලසුම් වහාම සකස් කරන ලෙස පැවසීය.


    දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසන්නට අද (11) උදෑසන එහි ගිය ජනාධිපතිතුමා වෙතින් උන්වහන්සේ කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය.


    දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පූජා භූමියක් ලෙස ගැසට් කර ඇති නමුත් එහි සංවර්ධන කටයුතු මේ වන තුරුත් ක්‍රියාත්මක නොවූ බවට උන්වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඒ කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම අවස්ථාවේදීම අදාළ නිලධාරීන් කැඳවා උපදෙස් ලබා දී ඇත.


    ඒ අනුව දාන ශාලාව, ආවාස ගෙය, චෛත්‍ය, පිරිවෙන් ගොඩනැගිල්ල සහ බැතිමතුන්ගේ විශ්‍රාම ශාලාවේ ඉදිකිරීම් ඇතුළු පූජා භූමියේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට නියමිතය.


    අද උදෑසන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා ඉන් පසුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ද ගොස් සේනාසනාධිපති හිමියන් බැහැදැක සුවදුක් විමසීය.


    තමන්ගේ සැපදුක් විමසීමට ජනාධිපතිතුමා පැමිණීම පිළිබඳව සතුට පළ කළ උන්වහන්සේ පැවසුවේ අතීතයේ රට පාලනය කළ රජවරු නිරන්තරයෙන් මහා සංඝරත්නයේ සුවදුක් විමසීමට ක්‍රියාකළ බවයි. අද තමන්ට හැඟෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමන් තමා බැලීමට පැමිණ ඇතැයි යන සිතුවිල්ල බව ද සඳහන් කළේය.


    පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේට නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කළේය.

     

    NDH/ pix by Nalin Hewapathirana-pmu

    2

     

    4

     

    6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya