අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය නව කතානායකවරියට කතානායකගෙන් සුබපැතුම්

    ජූනි 11, 2014

    ඉන්දියා ලෝක් සභාවේ නව කථානායකවරිය ලෙස නිතරගයෙන් පත් වූ භාරතීය ජනතා පක්‍ෂයේ සුමිත්‍රා මහජන් මහත්මියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන් හා මන්ත්‍රීතුමියන්ලාගේ සුභ පැතුම් පිරිනමමින් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.


    එම සුබපැතුම් පණිවුඩය මෙසේය;


    ශ්‍රීමතී සුමිත්‍රා මහජන් මැතිනිය,
    ලෝක් සභාවේ කථානායකතුමිය,
    ඉන්දීය ජනරජය.

    ගරු මැතිනියනි,

     

    ඔබතුමිය ලෝක් සභාවේ ඉහළම පදවියට තේරී පත් වූ බව දැන ගත් විට මම මහත් සතුටට පත් වීමි. මීළඟ පස් වසර සඳහා ලෝක් සභාවේ කටයුතු මෙහෙයවීමේ වැදගත් කර්තව්‍ය ඔබතුමිය භාර ගන්නා අවස්ථාවේ උණුසුම් සුභපැතුම් හා හෘදයංගම සුභාසිංශන පිරිනැමීමෙහිලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන් හා මන්ත්‍රීතුමීන්ලාද මා හා එක් වෙති.


    දීර්ඝතම සේවා කාලය සහිත මන්ත්‍රීතුමිය වශයෙන් පිට පිටම අට වතාවක් ඉන්දියාවේ සංවර්ධනයෙහිලා ඔබ ඉටු කළ ජවසම්පන්න කාර්යභාරය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලනයට ඇති ඔබතුමියගේ ඇපකැප වීම මගින් ඔබතුමියට ඉන්දීය දේශපාලනය තුළ අසමසම ප්‍රතිරූපයක් අත් වී තිබේ. රාජ්‍ය සභාව විසින් ඔබතුමිය ඒකච්ඡන්දයෙන් පත් කරනු ලැබීම පවා එහි මන්ත්‍රීන් විසින් ඔබතුමිය පිළිබඳව සලකනු ලබන ගෞරව සම්ප්‍රයුක්ත බවට මැනවින් සාක්ෂි දරයි.


    ඉන්දියාව හා ශ්‍රී ලංකාව ශතවර්ෂ ගණනක් පුරා පැතිරෙන විශේෂ බැඳීමක් දරති. පුරාණ ශිෂ්ටාචාරමය බැඳීම්වලින් බැඳී ඇති අපගේ සබඳතා කාලයේ අභියෝගයන් අභිභවා, සර්වග්‍රාහක සබඳතාවක් බවට වර්ධනය වී ඇත. අපගේ ව්‍යවස්ථාදායකයන් අතර ඇති ශක්තිමත් සබඳතා අපගේ ජාතීන් ද්විත්වය අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීමට මහත් සේ දායක වෙයි. කලාපීය හා ජාත්‍යන්තර මණ්ඩපයන්හිදී අපගේ නිරන්තර අන්තර්ක්‍රියාකාරිත්වයන් සහයෝගිත්වය සඳහා වූ වැදගත් යාන්ත්‍රණයන් ලෙස තවදුරටත් ක්‍රියාත්මක ය.

     

    ද්වීපාර්ශ්වික වශයෙන් සහ සාක් (දකුණු ආසියානු කලාපීය සහයෝගිතා) සංවිධානය,අන්තර්-පාර්ලිමේන්තු සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය යන රාමුසැකසුම් තුළ කටයුතු වඩාත් යහපත් කිරීම සඳහා ඔබතුමිය මුණ ගැසීමට මම අපේක්ෂාවෙන් සිටිමි. මෙම සන්දර්භය තුළ දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක ශ්‍රී ලංකාවට සපැමිණෙන මෙන් මා ඉතාමත් සතුටින් ඔබතුමියට ආරාධනා කර සිටිමි.

     

    මාගේ ඉහළම හරසර පිළිගනු මැනවි, ගරු මැතිතුමියනි

     

    චමල් රාජපක්ෂ
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya