අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය කරන ලද පොලොන්නරුව - සෝමාවතී මාර්ගය ජනපති අතින් ජනතා අයිතියට

    ජූනි 11, 2014
    සංවර්ධනය කරන ලද පොලොන්නරුව - සෝමාවතී මාර්ගය අද (11) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.


    පොලොන්නරුව සිට සෝමාවතී පුදබිම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3500කි.

     

    මෙහි සමස්ත ආයෝජනය ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය දරා ඇති අතර මේ මාර්ගය බෝක්කු 109කින්, විශාල පාලම් 4කින් සමන්විත වේ.

     

    මේ මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 38ක් වන අතර එහි කිලෝ මීටර් 26ක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතුරු කිලෝ මීටර් 12ක ප්‍රමාණය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ඇත.

    අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියාරච්චි, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධාන ගාමීණී සෙනරත්, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්. ප්‍රේමසිරි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Nalin Hewapathirana-pmu

    04

     

    06 1

     

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya