අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ජූනි 11, 2014
    ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.


    ජනාධිපතිතුමා මෙහිදී අෂ්ටපාන සහිත විශේෂ ගිලන්පස දළදා පූජාවක් පැවැත්වූ අතර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත කප්රුක පූජාවක් ද පැවැත්වුවේය.


    බෝධීන් වහන්සේ අභියස සිදු කරන ලද ආගමික වතාවත්වලින් පසුව සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

    සෝමාවතී රජමහා විහාරස්ථානයේ ඉදිකෙරුණු අබිනව දෙමහල් දාන ශාලාව ද විවෘත කළ ජනාධිපතිතුමා පසුව විහාරාධිපති හිමියන් බැහැදැක සුවදුක් විමසමින් උන්වහන්සේට අටපිරිකර පූජා කළේය.

    සෝමාවතී පුදබිම වෙත පැමිණෙන බැතිමතුන් සමඟ ද සුහද පිළිසඳරක නිරතවීමට ජනාධිපතිතුමා කටයුතු කළේය.

    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චන්ද්‍රසිරි සූරිආරච්චි, සිරිපාල ගම්ලත්, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්. ප්‍රේමසිරි යන මහත්වරු ද බැතිමතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Nalin Hewapathirana-pmu

    02

     

    03

     

    06

     

    09

     

    11

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya