අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදිරිගිරිය මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ජූනි 11, 2014

    මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව දිවයිනේ පාසල් දහසක් ද්විතීයක පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඊයේ (10) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


    රටපුරා මහින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද මෙය අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් සමන්විත වේ.


    තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැරීමෙන් පසු ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීය.


    විද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂිත ජල පිරිපහදු ඒකකය ද ජනාධිපතිතුමා අතින් විවෘත විය.

     
    අනතුරුව විද්‍යාලයේ ඉදිකරනු ලබන මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨය සඳහා මුල්ගල් තැබීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරිණි.


    ජනාධිපතිතුමා දැකගන්නට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් විදුහල වෙත ද ඒ අවට ද රැස් ව සිටි අතර ඔවුන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැද මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.  


    HC/pmu

    Mahindodaya Technical Lab at Medirigiriya National School 1

    Mahindodaya Technical Lab at Medirigiriya National School 2

    Mahindodaya Technical Lab at Medirigiriya National School 3

    Mahindodaya Technical Lab at Medirigiriya National School 4

    Mahindodaya Technical Lab at Medirigiriya National School 5

    Mahindodaya Technical Lab at Medirigiriya National School 6

    Mahindodaya Technical Lab at Medirigiriya National School 7

    Mahindodaya Technical Lab at Medirigiriya National School 8

    Mahindodaya Technical Lab at Medirigiriya National School 9

    Mahindodaya Technical Lab at Medirigiriya National School 10

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya