මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තර්ස්ටන් විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරය සහ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

    ජූනි 09, 2014

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අබිනව පරිගණක විද්‍යාගාරය සහ තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (09) සිසු අයිතියට පැවරිණි.

     

    චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිතුමන්ට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු පරිගණක සියයක් යොදාගනිමින් ස්ථාපිත කෙරුණු මෙම නව පරිගණක විද්‍යාගාරය සඳහා ගොඩනැගිල්ල කේ.ඩී. ඊබට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.ඩී. ඉන්දික දරගම මහතා විසින් ලබා දී ඇත.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා පාසල් දරුවන් විසින් මහත් හරසින් පිළිගන්නා ලදී. පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පවරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සිසුන් සමඟ සුහද කතා බහක නියැළෙමින් විද්‍යාගාරයේ කටයුතු නිරීක්ෂණය කළේය.

     

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පති දයා බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.අමාත්‍ය බන්දුල ගුණවර්ධන, චීන නියෝජ්‍ය තානාපති රෙන් ෆැකීන් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    DB

    HE THURSTAN 1

     

    HE THURSTAN 2

    HE THURSTAN 3

    HE THURSTAN 4

    HE THURSTAN 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya