අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්ට සමාජයට බාධා කරන්නට වෙබ් අඩවිවලට ඉඩ දෙන්නේ නැහැ

    ජූනි 07, 2014

    ශිෂ්ට සමාජයට බාධා කරන්නට වෙබ් අඩවිවලට පමණක් නොව වෙනත් කිසිදු මාධ්‍යයකට ඉඩ නොදෙන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා ඉදිරිපත් කළ යෝජනාවට පිළිතුරු දෙමිනි.


    වෙබ් අඩවිවලට බාධා කරනවා නම්, වෙබ් අඩවි තහනම් කිරීම නීති විරෝධී නම් අගතියට පත්වූ පාර්ශවයන්ට නීතියේ පිහිට පැතීමේ කිසිදු බාධාවක් නැතැයි කී අමාත්‍යවරයා ඒ සඳහා නීතියේ පිහිට පැතීම සුදුසුම ක්‍රමවේදය බවත් සඳහන් කළේය.


    මෙරට සති අන්ත පුවත්පත් 15ක්, රූපවාහිනී නාලිකා 22ක්, විවිධ මාධ්‍ය 180ක් හා සමාජ මාධ්‍ය ජාල විශාල ප්‍රමාණයක් තිබේ. සති අන්ත පුවත්පත් හා රූපවාහිනී නාලිකා 2ක් 3ක් හැරෙන්න රජය යටතේ පාලනය වන මාධ්‍ය ජාල නැහැ. රජයේ නොවන අනෙක් මාධ්‍ය සියල්ලෙන්ම රජය විවේචනය කරනවා යැයි පෙන්වා දුන් ඔහු එහෙම නම් ඒ සියලුම මාධ්‍ය තහනම් කරන්නට අපට හැකි බව පැවසීය.


    පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව අනවශ්‍ය බවත් තහනම් වෙබ් අඩවි ගැන කෑ නොගසා නීතියේ පිහිට පතන ලෙසත් පැවසූ අමාත්‍යවරයා මේ වෙබ් අඩවි සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ කවුද? යන්න ප්‍රශ්න කළේය. කැලෑ නීතිය කියන්නේ මෙයයි. මේක භාෂණයේ නිදහසද? මේ රටේ නායකයා, පවුල, ඇමතිවරුන් සියලු දෙනාවම මේ මාධ්‍යවලින් පට්ට ගහනවා. මාධ්‍ය නිදහසක් නැහැ කියන්නේ කොහොමද? නීතියෙන් යම් බාධාවක් වී ඇත්නම් මේ අයට නීතියේ රැකවරණය ලැබිය හැකි බවත් නිලධාරීන් විවේචනය නොකරන ලෙසත් ඔහු සඳහන් කළේය.


    ඇතැම් වෙබ් අඩවිවලින් කරන දේ නිසා පවුල් ජීවිත පවා විනාශ වෙනවා. මේවාට වග කියන්නේ කවුද? මේ වගේ පහර ගැසීම්වලට ලක් වන විට ඒ පවුල්වල දරුවන් පවා පීඩාවට පත්වෙනවා. වෙබ් අඩවි ඔස්සේ කැලෑ නීතිය යොදා ගනිමින් ජීවිතවල අභ්‍යන්තරයට ඇතුළුවෙමින් ජීවිත විනාශ කරන්නට තවත් ඉඩදිය නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya