අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යට අහිතකර භාණ්ඩ නීති විරෝධී අයුරින් වෙළෙඳපළට යොමුකරණ වෙළෙදුන්ට එරෙහි නීතිය දැඩි වේ

    ජූනි 06, 2014

    ජනතාවගේ සෞඛ්‍යට අහිතකර භාණ්ඩ නිති විරෝධී අයුරින් වෙළෙඳපළට යොමුකරන ව්‍යාපාරිකයින් පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරිය එක්ව මේ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙවැනි සමාගම් අසාදු ලේඛනයට ( Black list)ඇතුලත් කර ඔවුන්ගේ නීති විරෝධී ව්‍යාපාර වැළක්වීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය.

     

    කල් ඉකුත් වූ ඖෂධ, සුවඳ විලවුන් මෙන්ම රූපලාවන්‍ය ක්‍රීම් වර්ග තොගයක කල් ඉකුත් වන දිනය වෙනස්කර වෙළෙඳපළට යොමු කළ සමාගමක් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද වැටලීමකින් අනතුරුව එම ද්‍රව්‍ය වලින් කොටසක් ජනාධිපතිතුමන්ගේ අවධානයට ඊයේ (05) අරලියගහ මන්දිරයේදී යොමු කෙරුණ අතර, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුනේය.කල් ඉකුත් වූ ඖෂධ රැසක් වෙළෙඳපළ තුළ පවතින බවට පාරිභෝගික  සේවා අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

     

    ඒ පිළිබඳව ද ඔවුන් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ එම වැටලීම් කඩිනමින් සිදුකරන ලෙසයි.ජනතාවගේ සෞඛ්‍යට හානිකර අන්දමින් ව්‍යාපාර කටයුතුවල නිරත වීමට කිසිවෙකුට ඉඩතැබිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරියේදී ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසද පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

     

    ECB/PMU

    he333

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya