අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුප්පතුන් නැති රටක් බිහිකිරීමේ අරමුණින් මේ රජය කටයුතු කරනවා

    ජූනි 05, 2014

    දුප්පතුන් නැති රටක් බිහිකිරීමේ අරමුණින් මේ රජය කටයුතු කරන බව ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, නීති විරෝධී ලෙස ගෙන්වූ එතනෝල් විකිණීමට ටෙන්ඩර් කැඳවුවත් ඒ සඳහා හොඳ මිලක් නොලැබුණු නිසා යළිත් ටෙන්ඩර් කැඳවා ඇතැයි කීය.


    දඹුල්ල පල්ලියේ ආරවුල අදාළ අංශ දෙක එකතු වී විසඳා ගෙන තිබෙන බවත් ඒ අනුව පූජා භූමියෙන් පිටතට ගෙන යන යාඥා ශාලාව ඉදිකිරීමට දඹුල්ල පන්සලේ නායක හිමිපාණන් වහන්සේ මුදල් ආධාර ලබාදී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.


    විවාදය නිමා වූ අතර පාර්ලිමේන්තුව හෙට (06) පස්වරු 1.30 යළි රැස්වේ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya