අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු නිලධාරීන් ශක්තිමත් කිරීමට හා දිරිගැන්වීමට ක්‍රියාමාර්ග ගත යුතුයි

    ජූනි 05, 2014

    මෙරටට විදේශ විනිමය හා ආදායම් උපයා දීමේ කාර්යභාරයක රේගුව යෙදී සිටින බවත් එවැනි කාර්යයක යෙදෙන රේගු නිලධාරීන් ශක්තිමත් කිරීමට හා දිරිගැන්වීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.


    පසුගිය වසර 30ක කාල සීමාව පුරාවට එල්.ටී.ටී.ඊය විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි හොර මාර්ගවලින් පිටරටින් බඩු ගෙන්වා ගත්තා. දැන් ඒ තත්ත්වයත් අවසන්ව තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා හා ඉන්දීය නව අගමැතිවරයා අතර සිදු වූ කථාබහ ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරන බව සඳහන් කළේය.


    මෝදී මහත්තයා හා ජයලලිතා අතර වුණ කථාබහ මොකක්ද කියා විපක්ෂ නායකවරයාට අහන්න බැරි ඇයිදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ජයලලිතා කච්චතිව් නැවත ගන්නා බවට අද කිව්වත් ජයලලිතා තියා ලක්ෂයක් ආවත් කච්චතිව් දෙන්නේ නැහැ කියා මෙහිදි ප්‍රකාශ කර සිටින බව අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya