අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගුව විශාල කාර්යභාරයක් ඉටු කරනවා

    ජූනි 05, 2014

    අපේ රටේ රේගුව විශාල කාර්යභාරයක් ඉටුකරන බවත් රේගු නිලධාරීන්ට පැන නැගී ඇති විවිධ ගැටලු බොහොමයකට මේ රජය අවශ්‍ය විසඳුම් ලබා දී තිබෙන බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදයට යෝජනාව ඉදිරිපත් කරමිනි.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රේගු දෙපාර්තමේන්තුව විවිධ වැටලීම් සිදු කර ඊට අවශ්‍ය නීතිමය පියවර ගෙන එමඟින් ආදායමක් උපයා දෙනවා. මෙහිදී විශේෂයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ‍යොමු කරන්නේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. පසුගිය කාලයේදී එම නිලධාරීන්ට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ව‍ගේම ඒ නිලධාරීන්ට තීරු බදු රහිත වාහනයක් ලබාදෙන්න අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙසත් ඉල්ලන බව ඔහු සඳහන් කළේය.


    යම් වැටලීමක් සිදු කළ විට ඔවුන්ට ඉන් හිමි විය යුතු දීමනා ලබාදීමට කිසියම් කාලවකවානුවක් ගත වෙනවා. එම තත්ත්වය වෙනස් කර එම දීමනා කඩිනමින් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මත්ද්‍රව්‍ය ‍ගෙනන විවිධ පුද්ගලයන් වංචනික ලෙස මේ රටට බොහෝ දේ ගෙන එන නිසා ඔවුන්ගෙන් අය විය යුතු බදු මුදල් විශාල ලෙස අපට අහිමි වී තිබෙනවා. කවුරු නීතිවිරෝධි ලෙස කුමන දෙයක් ගෙනාවත් එය වැටලීම් කර අවශ්‍ය අය කරගැනීම් කළ යුතුයි. ගිය වසරේදී එවැනි අත් අඩංගුවට ගැනීම්වලින් රුපියල් මිලියන 1600ක ආදායමක් රජයට උපයා දෙන්නට රේගුව සමත්ව තිබෙනවා. එතනෝල් රටට අවශ්‍යයි. නමුත් ඒවා ‍නීති විරෝධී ලෙස ගෙන්වීමට ඉඩ නොදිය යුතුයි. මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන එතනෝල් කවුරුන් හෝ හොර මාර්ගයෙන් විකුණන්න උත්සාහ කළහොත් රජයේ තරුණ මන්ත්‍රීවරුන් ලෙස තම කණ්ඩායම තදින් විරුද්ධ වෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya