මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 05, 2014

    ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි. "දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු" යන්න මෙවර ජගත් පරිසර දින තේමාවයි.


    පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දක්වන දායකත්වය උදෙසා කොළඹ රාජකීය විද්‍යාලය වෙත විශේෂ තිළිණයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


    පරිසර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීමත් මෙහිදී සිදු කළ අතර තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


    සොබා චලන සිතුවම් කෙටි චිත්‍රපට තරගාවලියේ කුසලතා සම්මාන ප්‍රදානය ද ජනපති අතින් සිදු විය. මෙහි ප්‍රථම ස්ථානය දිනාගත් චිරංග සන්දීප පතිරගේ, දෙවන ස්ථානය හිමිකර ගත් දේවින්ද අඹගහගෙදර, තුන්වන ස්ථානය හිමිකර ගත් වනිත සෙනතිරාජ් යන අයට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, දුමින්ද සිල්වා, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, එම්.එච්.එම්. අස්වර්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, තැපැල්පති රෝහණ අබේරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Sudath Silva-pmu

    01 1

     

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya