මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කිරීමට පියවර ගෙන තිබෙනවා

    ජූනි 05, 2014

    2012ට සාපේක්ෂව 2014 පළමු කාර්තුව අවසන් වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම නිසියාකාරව සිදු කර ඇති බවත් ඩෙංගු මර්දනය සමාජ වගකීමක් බැවින් මේ සඳහා ජනතාවගේ ද දායකත්වය පැවතිය යුත් බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    ජනාධිපති කාර්ය සාධක බලකාය, අන්තර් අමාත්‍යාංශ කමිටු එක්ව විමධ්‍යගත වෙමින් ප්‍රාදේශීය මට්ටමින් ඩෙංගු මදුරු මර්දනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතුයි. 2012 දී ඩෙංගු මරණ සංඛ්‍යාව 181ක්ද 2013දී 89ක් ලෙසත් වාර්තා වී ඇති අතර 2014 මේ වන විට එය 14 දක්වා අඩු මට්ටමක පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ජනතාව නිරන්තරව දැනුවත් කිරීම නිසා මරණ සංඛ්‍යාව මෙන්ම ඩෙංගු මදුරු වර්ධනය ද අඩු වී ඇති බවත් 2012 සිට 2014 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අනුව පළමු හා දෙවන දිස්ත්‍රික්ක ලෙස එකදිගටම වාර්තා වී ඇතැයි ද ඔහු අවධාරණ්‍ය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya