අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග හෝ අධ්‍යාපන ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය කටයුතු කර නෑ

    ජූනි 05, 2014

    විභාග ක්‍රියාවලිය හෝ අධ්‍යාපන ක්‍රියාවලිය කිසිදු ‍අයුරකින් දේශපාලනීකරණය කිරීමට රජය කිසිසේත් කටයුතු කර නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල්ගේ බලතල අනුව යම් යම් අවස්ථාවන්හිදී කාගේත් යහපත වෙනුවෙන් විභාග පනත ක්‍රියාත්මක කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමිනි.


    අධ්‍යාපනය ක්‍රමය පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව සිදු නොකරන බවත් සුවහසක් දරු පරපුරේ අනාගතය ශක්තිමත් කිරීමට විවෘත විභාග ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යන බවත් හෙතෙම කියා සිටියේය.


    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් බණ්ඩාර මහතා වසර 10ක‍ට පෙර විශ්‍රාම ගොස් කැනඩාවේ වාසය කරන අතර, ඉගැන්වීමේ වෘත්තියෙන් වසර දහයක් ඉවත්ව සිටි ඒ මහතා විභාග ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා ගත් පියවරේ වරදක් තිබේදැයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. පසුගිය සති කිහිපයක කාලපරිච්ඡේදය තුළ ප්‍රසිද්ධ විභාගයන්හි ප්‍රශ්නපත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කතා කළ අමාත්‍යවරයා රටේ දරුවන්ගේ විභාග අයිතිය වෙනුවෙන් තමන් කටයුතු කරන බවද පෞද්ගලික න්‍යායපත්‍රයන් අනුව තමා කටයුතු නොකරන බව ද අවධාරණය කළේය.


    ප්‍රශ්නපත්‍ර පොත් සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඩැනි අතපත්තු මහතා විභාග ක්‍රියාවලියෙන් ඉවත් කළේ පරීක්ෂණයක් සිදු කර බව කී අමාත්‍යවරයා ඒ සියලු දේ සිදු කළේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බලතලවලට අනුව බවද විභාග ක්‍රියාවලිය විනාශ කරන්නට කටයුතු නොකරන බවටත් විභාග ක්‍රියාවලියට තමන් බලපෑමක් ඇති කළ බවට ඔප්පු කළහොත් තමන් ඊට පසු දිනම සමාව ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya