අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ කිසිදු මූල්‍ය අර්බුදයක් නෑ

    ජූනි 05, 2014

    මහජන බැංකුවේ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති අතර ඒ බව පසුගිය වසරවල ලබාගත් ලාභයෙන් තහවුරු වන බවත් 2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 2262ක බදු ලාභයක් උපයා ගැනීමට මහජන බැංකුව සමත් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    2012 කෝප් වාර්තාව පෙන්වා දෙන පරිදි මහජන බැංකුව විසින් 1991-1995 කාලය තුළ ප්‍රදානය කර ඇති ණය ආපසු අයකර ගැනීමට නොහැකි වී ඇති නිසා ණය වර්ධනයේ අඩුවීමක් මත සමස්ත ලාභයේ අඩුවීමක් පෙන්නුම් කළ ද මහජන බැංකුවේ කිසිදු මූල්‍ය අර්බුදයක් නැතැයි ඔහු අවධාරණය කළේය.


    ඒ කාලයේ ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 5518කි. ලබා දී ඇති මේ ණයවල සුරක්ෂිත බවක් නැහැ. බොල් ණය ලෙස මේවා අයකර ගැනීමට මහජන බැංකුව කටයුතු කරමින් සිටී. මේ වන විට මේ ණය ශේෂය රුපියල් මිලියන 5052 දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya