ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනෝ රේල් පිළිබඳ මූලික සාකච්ඡා අවසන්

    ජූනි 06, 2014

    මොනෝ රේල් පිළිබඳ මූලික සාකච්ඡා අවසන්ව ඇති බවත් මොරටුව සිට තලංගම දක්වා ප්‍රධාන නැවතුම් හා පිවිසුම් ඒකක ඉදිකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා 2007 සිට 2009 දක්වා කාලයේදී පෙරවරු 6.00 සිට 10 දක්වා බහාලුම් ඇතුළු බරවාහන නගරයට ඇතුළු කිරීම නවත්වා තිබුණි. එහෙත් නැව්ගත කිරීමට භාණ්ඩ ප්‍රමාදවීමෙන් ඇති විය හැකි බාධාව පාලනය කිරීමට මේ නීතිය වෙනස් කළ බවත් ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    කොළඹ නගරයේ තදබදය අඩු කරන්න මේ කන්ටේනර් දුම්රියෙන් ගෙන එන්න සැලසුමක් තිබුණි. එහෙත් එය ක්‍රියාත්මක කළ නොහැකි විය. කොළඹ නගරයේ අතිරේක මාර්ග වැඩි වුණේ නැහැ. දැන් අතිරේක මාර්ග දෙකක් ඉදිකරන්න සැලසුම් කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya