අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය මෙන්ම ජාත්‍යන්තරවත් ධීවර කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කරනවා

    ජූනි 04, 2014

    මහින්ද චින්තන වැඩපිළිවෙළ මඟින් ධීවර ජනතාවට අවශ්‍ය සියලු ‍දේ ලබා ‍දෙමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශ‍යෙන් අ‍පේ ධීවර කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කරමින් සිටින බව ‍ධීවර නි‍යෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.


    ‍හිටපු ජනාධිපති ‍ප්‍රේමදාස මහතා තහනම් කළ ජලජීවී වගා වැඩපිළි‍වෙළ දියුණු කිරීමට සජිත් ‍ප්‍රේමදාස මහතා ‍යෝජනා ඉදිරිපත් කිරීම ගැන සතුටු ‍වෙනවා. ‍මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත් විශාල වැඩ‍කොටසක් කරනවා. ඔය කියන ආර්ථික ඝාතකයන් අ‍පේ ර‍ටේ නැහැ. ඕවා ‍දේශපාලන වාසි ගන්න කියන කතා වන අතර නීතිමය රාමුව තුළ මේ කර්මාන්තය පාලනය කරන බවත් නීති වි‍රෝධී ‍දේ අල්ලන්න අමාත්‍යතුමා නි‍යෝග ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.


    මේ නි‍යෝග සම්මත වූ අතර පාර්ලිමේන්තුව හෙට (05) පස්වරු 1.00 යළි රැස් වේ.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya