මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවුම් කිරි ලබාදීමට රජයෙන් මිලියන 240ක්

    ජූනි 05, 2014

    වයස අවුරුදු 3 සිට 5 අතර ළමයින් සඳහා නැවුම් කිරි වීදුරුවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ඒ සඳහා 2013 අයවැයෙන් රුපියල් මිලියන 240ක මුදලක් වෙන් කර ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    නැවුම් කිරි වීදුරුවක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ළමුන් සංඛ්‍යාව 226,494කි. ඒ අනුව එක් ළමයෙකුට කිරි වීදුරුවක් ලබාදීම සඳහා මසකට වැය වන මුදල රුපියල් 180ක් බවත් ඔහු සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලියාපදිංචි කර ඇති පෙරපාසල් සංඛ්‍යාව 13,496කි. මේ පෙරපාසල් ළමයින්ට කිරි වීදුරුවක් ලබාදීම අනිවාර්යයෙන් සිදු වේ. ඒ අනුව අනුරාධපාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් පෙරපාසල් සඳහා මේ කිරි වීදුරු ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya