මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය මසුන් පරි‍‍‍භෝජනය වැඩි කළ යුතුයි

    ජූනි 04, 2014

    ර‍ටේ අභ්‍යන්තර ජලාශ යොදා ගනිමින් රටට අවශ්‍ය මසුන් නිපදවීමට හා වි‍දේශ ‍වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මසුන් නිපදවීමට විධිමත් වැඩපිළි‍වෙළක් අවශ්‍ය බවත් මිරිදිය මසුන් පරි‍‍‍භෝජනය වැඩිකිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ර‍මේෂ් පතිරණ මහතා පැවසීය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.


    මුහුදු මාළු පරි‍භෝජනය පිළිබඳ ‍ලෝකය ඉදිරි‍යේ අභි‍යෝගයක් ති‍බේ. එය අ‍‍නෙක් ර‍ටවලට වඩා අ‍පේ රටට බලපායි. පිලපීනය, මැ‍ලේසියාව, ජපානය වැනි රටවල් නවීන තාක්ෂණය ‍යොදා‍ ගනිමින් ඉන්දියන් සාගර‍යේ මත්ස්‍ය අස්වැන්න විශාල වශ‍යෙන් ‍නෙළා ගනිමින් සිටී. මෙවැනි තත්ත්වයක් තුළ අ‍පේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරගැනීමට ‍මේ නි‍යෝග ඉතා කා‍ලෝචිත බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya