මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය සම්පත වෙනුවෙන් කොරල් පර ආරක්ෂා කර ගත යුතුයි

    ජූනි 04, 2014

    ක‍ඩොලාන හා සමානව ‍ම කොරල් පර ආරක්ෂා කර ගත යුතු බවත් ඒවා විනාශ වන විට මත්ස්‍ය සම්පතද විනාශ ‍වන බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඇන්තනී වික්ටර් පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.


    ‍කොරල් පර ගෘහ කර්මාන්තයක් ‍ලෙස මීට ‍‍පෙරත් ඇති කළා. ගැඹුරු මුහු‍දේ ‍කොරල් පර වගා කිරීමෙන් ප්‍රයෝජනයක් නැති නිසා නොගැඹුරු මුහුදේ ඇති කොරල් පර විනාශවීම වළක්වා ගත යුතුයි. සමස්ත ධීවර ජනතාවට ම බලපාන ‍ධීවර ගැටලු විසඳීමට අමාත්‍යවරයා දරන මැදිහත්වීමත් කෘත්‍රීම ස්ථරවල වගාකිරීම සඳහා නි‍යෝග ‍ගෙනඑමින් කරන උත්සාහයත් අගය කළ යුතු බව ඔහු කීය.


    පසුගිය වසර 17 පුරාම එක්සත් ජාතික පක්ෂය මිරිදිය ධීවර කර්මාන්තය විනාශ කළ බවත් එදා ‍ප්‍රේමදාස ජනාධිපතිතුමා‍ගේ කා‍ලේ ‍මේ කර්මාන්තය තහනම් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya