මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති වි‍රෝධී මසුන් ඇල්ලී‍මේ ක්‍රම නැවැත්වීමට විධිමත් වැඩපිළි‍වෙළක් තිබිය යුතුයි

    ජූනි 04, 2014

    නීති වි‍රෝධී මසුන් ඇල්ලී‍මේ ක්‍රම නැවැත්වීමට විධිමත් වැඩපිළි‍වෙළක් සකස් කළ යුතු බවත් ඉස්සන් වගා‍‍වට අවශ්‍ය පර‍පෝෂිත මසුන් ව්‍යප්ත කිරී‍මේ වැඩපිළි‍‍වෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආර්ථික සංවර්ධන නි‍යෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිල‍මේ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.


    ධීවර පවුල්වලට සහන සැලසීම ‍මේ පනත් මඟින් සිදු ‍වනු ඇත. කෘත්‍රීම උපස්තර නිපදවීම මඟින් ධීවර ජනතාව‍ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරනවා ‍මෙන්ම පරිසර හිතකාමී ධීවර කර්මාන්තයක් ‍‍‍ගොඩනැගීමට හැකියි. ධීවර ජනතාවට නව තාක්ෂණය හඳුන්වා ‍දෙමින් අමතර ආදායම් ඉපයීමටද මේ මඟින් අවස්ථාව සැල‍සෙන බවත් දිවි නැඟුම යට‍තේ ධීවර ජනතාව ‍වෙනු‍වෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ති‍බෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya