අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ප්‍රතිපත්තිය මසක් ඇතුළත පාර්ලි‍මේන්තුවට

    ජූනි 04, 2014

    ‍සේනක බිබි‍ලේ ප්‍රතිපත්තිය පදනම් කර ගෙන සකස් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මසක් ඇතුළත පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කරන බව ‍සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරි‍සේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලි‍මේන්තු‍වේදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා විසින් සභාව කල්තබන අවස්ථා‍වේ ‍යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ‍දෙමිනි.


    ගුණාත්මක ‍සෞඛ්‍ය ‍සේවාවක් සැපයී‍මේ අරමුණින් නව ඖෂධ ප්‍රතිපත්තිය ‍‍ගෙන එන බව පැවසූ අමාත්‍යවරයා පාරි‍භෝගික ජනතාවට උසස් තත්ත්ව‍‍යේ ඖෂධ ලබාගැනීමටද මේ නිසා අවස්ථාව සැලසෙන බව සඳහන් කළේය.


    ‍‍සෞඛ්‍ය ප්‍රතිපත්තිය ‍මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීම සඳහා පදනම් ආයතනයේදී සම්මන්ත්‍රණයක්ද පැවැත්විණි. ඖෂධ ප්‍රතිපත්තිය මේ වන විට අන්තර්ජාලයට ද ඇතුළත් කර ඇති බවත් ඒ සඳහා මහජන මතය යොමු කළ හැකි බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීවේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya