අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් මහා පොත් දන්සැලට ජනපතිගෙන් පොත් පරිත්‍යාගයක්

    ජූනි 04, 2014
    පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුද බිමට පැමිණෙන පාසල් සිසුන් වෙනුවෙන් පොසොන් මහා පොත් දන්සැලක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර ඒ සඳහා අද (01) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ දී පොත් පරිත්‍යාග කළේය.
     
    ජුනි 12 සහ 13 දෙදින මිහින්තලා පහත මළුවේදී මෙම පොත් දන්සැල පැවැත්වේ. 
     
    මේ සඳහා පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදී කෘතීන්  භාර දිය හැකිය. පරිත්‍යාගශීලීන්ට තමන් ලබාදෙන පොත් ලබන 06 වැනි දා දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයට හා ජාතික පාසල්, පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාලවලට ද භාර දිය හැකිය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් තිස්ස හේවාවිතාරණ මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya