අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම පළාත් සභාවකට ‍පොලිස් බලතල බෙදාදීම ආණ්ඩු‍වේ ප්‍රතිපත්තියමය කාරණාවලට නොගැළපෙන බව ඉන්දීය අගමැතිවරයාට පැවසුවා

    ජූනි 04, 2014
    කිසිම පළාත් සභාවකට ‍පොලිස් බලතල බෙදාදීම ආණ්ඩු‍වේ ප්‍රතිපත්තියමය කාරණාවලට නොගැළපෙන බවත් එමඟින් රටට අගතියක් හා අහිතකරක තත්ත්වයක් සිදු වන බවත් ඉන්දීය නව අගමැති තුමා සමඟ පැවැති සාකච්ඡා‍වේදී ‍පෙන්වා දුන් බව වි‍දේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලි‍මේන්තු‍වේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 23(2) යටතේ ගෙන එන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     
    ව්‍යවස්ථාපිත කරුණු විසඳා ගැනීමට  පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභා‍ව ‍හොඳම යාන්ත්‍රණය බව ‍පෙන්වාදුන්නේ  යැයි කී වි‍දේශ අමාත්‍යවරයා එම ‍තේරීම් කාරක සභාව ‍මේ වන විට සිදු කර ඇති කාර්යභාරයන් පිළිබඳව ඉන්දීය නායකයන් පිරිස දැනුවත් කළ බවත් පැවසීය.
     
      
    ඉන්දීය නව අගමැති න‍රේන්ද්‍ර ‍මෝදී මහතා‍ගේ දිවුරුම් දී‍මේ උ‍ළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ඉන් පසුදින අ‍පේ ජනාධිපතිතුමා සහ ඉන්දීය අගමැතිවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ඉන්දිය අගමැති ‍මෝදී මහතා සාර්ක් කලාපය පිළිබඳ එතුමා‍ගේ මතය පැවසූ බවත් ඉන් අනතුරුව ඉන්දු ශ්‍රී ලංකා ‍වෙළෙඳ ගිවිසුම, ධීවර ගැටලු සහ ව්‍යවස්ථාමය කරුණු පිළිබඳ සාකච්ඡා ‍‍කෙරුණි. ‍මෙය ඉතා මිත්‍රශීලී ‍ලෙස ‍කෙරුණු සාකච්ඡාවක් විය. 13 වැනි සං‍ශෝධනය අලුත් ‍දෙයක් ‍නො‍වෙයි. මේ ව්‍යවස්ථාමය කරුණු ගැන ගැඹුරු සාකච්ඡාවකට යා යුතුයි. එය ‍වෙනස් කිරීමට ර‍ටේ ජනතාව එකඟ විය යුතුයි. අ‍පේ පාර්ශව‍යෙන් ‍මෝදි මහතාට කියා සිටි‍යේ මේ ව්‍යවස්ථා කරුණු පුළුවන් ආකාර‍යෙන් ක්‍රියාත්මක කළ බවයි. ඒ සඳහා ප්‍රා‍යෝගික යාන්ත්‍රණයක් ඇති කිරිමට පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභාව හරහා සිදු කළ හැකියි. ඒ සඳහා සියලු පක්ෂ ‍මේ කමිටුවට සහභාගී විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පැමිණීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභාව ‍මේ වන විටත් විශාල කාර්යභාරයක් සිදු කර ඇති අතර සුෂ්මිතා ස්වරාජ් මහත්මිය ලංකාවට පැමිණි ‍වේලා‍වෙත් මේ බව පෙන්වා දුන්නේ පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභා‍වේ වැදගත් කමයි. එතුමිය ප්‍රකාශ කළා ‍දෙමළ ජාතික සන්ධානය ‍මේ සඳහා පැමිණිය යුතුයි කියලා. කිසිම පළාත් සභාවකට ‍පොලිස් බලතල ලබාදීම රටට අහිතකර හා අගතිගාමි බව අප එම පාර්ශවයට ‍පෙන්වා දුන්‍නා. එය අ‍පේ ප්‍රතිපත්තියට ගැළ‍පෙන්‍නේ නැති බවත් ආණ්ඩු‍වේ ස්ථාවරය පැහැදිලිව ඉන්දියා‍වේ අගමැතිවරයාට දැනුම් දුන් අතර ‍තේරීම් කාරක සභා‍වේ‍දී විසඳුමකට ඒමට හැකියාවක් ති‍බෙන බවත් පැවසුවේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya