මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය හා ජලජීවී කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා

    ජූනි 04, 2014
    මිරිදිය හා ජලජීවී කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇති බවත් මේ වන විට ධීවර කර්මාන්තයෙන් මෙට්රික් ටොන් 66,910ක වර්ධනයක් ලබා ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
     
    ජලජීවී හා මිරිදිය කර්මාන්තය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කථා කිරීමේදී මෙරට ධීවර කර්මාන්තය තායිලන්තය හා වියට්නාමය අබිබවා ගොස් ඇත. තායිලන්තයය ඇමරිකන් ඩොලර් බිලියන 06ක මත්ස්‍ය සම්පතක් අපනයනය කරමින් ඇමරිකන් ඩොලර් බිලියන 04ක මත්ස්‍ය සම්පතක් ආනයනය කරනු ඇත. ඔවුන්ගේ වෙළෙඳ වාසිය ඇමරිකන් ඩොලර් බිලියන 02කි. නමුත් ලංකාව ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ලංකාවේ දෙවන වරටත් ටූනා සම්මේලනය පසුගියදා පැවැත්විණි. ලෝක ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. පසුගිය වසර 10දී මත්ස්‍ය සම්පත වැඩි වුණේ නැහැ. කාර්මික ධීවර කර්මාන්තයත් මත්ස්‍ය වාසස්ථාන විනාශ වීමට හේතු වන පරිසර දූෂණය, කාලගුණ විපර්යාස මීට හේතුවයි. නමුත් අප ගත් ක්‍රියාමාර්ග නිසා මත්ස්‍ය සම්පතේ වැඩිවීමක් සිදුව තිබේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්වීමට මිරිදිය ධීවර කර්මාන්තය හේතු වී ඇත. මේ වන විට රටේ ආදායම මාසිකව රුපියල් බිලියන 10 ඉක්මවීමට ජලජීවී කර්මාන්තයෙන් හැකි වී ඇතැයි ඔහු සඳහන් කළේය.
     
    2009දී මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 36.7ක් වූ ආදායම 2013දී රුපියල් මිලියන 69.7ක් වී තිබේ. ධීවර ජනතාවගේ බැංකු පොලිය කපා හරිමින් නැවත ඔවුන්ට ණය ලබා දෙමින් ධීවර කර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කළා. මේ වන විට මඩකළපුවේ හෙක්ටයාර් 2500ක මත්ස්‍ය නිෂ්පාදනය අරඹා තිබේ. හෙක්ටයාර් 410ක ඉස්සන් වගා කරයි. අලුත් මත්ස්‍ය වගා වෙත යොමු වෙමින් මෝදා මසුන් වගාවට කටයුතු කළ අතර නාරා ආයතනය මඟින් මවු සතුන් ලබා දී ආරච්චිකට්ටුවේ අක්කර 35ක මෝදා මත්ස්‍ය නිෂ්පාදන ඇරඹීය. මේ මඟින් මෙට්රික් ටොන් 120ක් වසරකට උපදවයි. හලාවත අක්කර 300කත් ත්‍රිකුණාමලයේ අක්කර 40කත් මෝදා මසුන් නිෂ්පාදනය කරනු ඇත. පුනරීන්, කල්පිටිය හා මන්නාරමේ මුහුදු කූඩැල්ලා වගා කරන අතර මන්නාරමේ ආරම්භ කළ බෙල්ලන් වගාවෙන් මේ වන විට මෙට්රික් ටොන් 04ක් අපනයනය කරයි. කල්පිටියේ බෙල්ලන් වගාවෙන් මෙට්රික් ටොන් 13.3ක් නිපදවයි. මීට අමතරව පොකිරිස්න් හා මඩ කකුළුවන් වගාවෙන් ද මෙරට ජලජීවී කර්මාන්තය ආදායම් උපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya