මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 04, 2014
    ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ විශිෂ්ට යුග පුරුෂයෙකු, සාහිත්‍යධරයකු වු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණි. 
     
    යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමට ලක් වූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකීය කලාකරුවා වන්නේද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.
     
    සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ අග්‍රගණ්‍ය කෘතින් වූ "මනමේ" සහ "සිංහබාහු" කලාත්මක වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ  සම්ප්‍රාප්තිය සනිටුහන් කළ තාත්වික ප්‍රථම සිංහල නාට්‍ය ලෙස හැඳින්වෙයි. සරච්චන්ද්‍රයන් විසින් රචිත බොහෝ නාට්‍ය සඳහා පදනම වුයේ ජන කතා හෝ බෞද්ධ කතාවන්ය. එම නිසා ඒවායේ සර්වකාලීන හා සම්භාව්‍ය ගුණය අදටත් නොනැසී පවති. ඔහුගේ "කල්පනා ලෝකය" වැනි විචාර ග්‍රන්ථද සාහිත්‍ය ගමන් මගට නව මංපෙත් හෙළි පෙහෙලි කිරීමට සමත්විය.
     
    ආසියාවේ නූතන ෂේක්ස්පියර් යන විරුදාවලියෙන් හඳුන්වන්නේද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ය. මුළු මහත් නාට්‍ය ක්ෂේත්‍රයටම ඥානාලෝකය පෑදු රාජගුරු වන්නේද එතුමාය.
     
    සමරු උත්සවයේ විශේෂ දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහතා විසිනි.
     
    මෙහිදී මනමේ නාට්‍යයේ දමිළ පරිවර්තනය කථිකාචාර්ය කවිතා රාජරත්න මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලද්දේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසිනි. 
     
    ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් රචිත "මනමේ මතක් වී" ග්‍රන්ථයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර සමරු උපහාර සම්මානය ජනාධිපතිතුමා විසින් ලලිතා සරච්චන්ද්‍ර මැතිණියට පිළිගැන්වීය. 
     
    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE SARACCHANDRA 1
     
    HE SARACCHANDRA 2
     
    HE SARACCHANDRA 3
     
    HE SARACCHANDRA 4
     
    HE SARACCHANDRA 5
     
    HE SARACCHANDRA 6
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya