මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රුධිර පාරවිලයන සේවයේ ධජයට පළමු අත්සන් ජනපති අතින්

    ජූනි 04, 2014

    සෑම වසරකම ජූනි 14 වන දිනට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලොව පුරා එක්ව සමරනු ලබන අතර, එම ජාත්‍යන්තර සැමරුම් උත්සවය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.

    මෙරට ස්වෙච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව 100% දක්වා වැඩිවීම හා ජාතික රුධිර පාරවිලයන සේවය ලබා ඇති අභිවෘද්ධිය සැලකිල්ලට ගනිමින් මෙම ජාත්‍යන්තර සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු යොදා ඇත.

    ඒ නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික රුධිර පාරවිලයන සේවය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පුරා සතියක වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ජූනි මස 04 වන දින දිවයිනේ සිව් දෙසින් ඇරඹෙන රථ පෙරහැර මෙහි ප්‍රධාන වැඩසටහනයි. හම්බන්තොට, යාපනය, ත්‍රීකුණාමලය, මඩකළපුව යන ස්ථානවලින් ඇරඹෙන රථ පෙරහැර දින හතරක් තුළ දිවයින පුරා විසිර සිටින ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇගයීමට ලක් කරමින් කොළඹට පැමිණීමට නියමිතය.



    මෙහිදී ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයේ ධජයට රටේ සිව් දෙසින් අත්සන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට ද කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලබාදෙමින් පළමු අත්සන සනිටුහන් කිරීම ඊයේ (03) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

    මේ අතර ජූනි 09, 10 දෙදින ජාතික රුධිර පාරවිලයන සේවයේ සියලු ම කාර්යමණ්ඩලය වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීම, ජූනි 12 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජංගම රුධිර කඳවුරක් පැවැත්වීම, ජූනි 13 වන දින ලොව නන්දෙසින් මේ සඳහා සපැමිණෙන විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සම්මේලනයක් පැවැත්වීමට ද කටයුතු සම්පාදනය කර ඇත.



    මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ජූනි මස 14 වන දින දෙස්විදෙස් ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, එහිදී රුධිර පරිත්‍යාගශීලීන් දාහක් ඇගයීමට ලක් කිරීමට ද නියමිත වේ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරු වන නන්දිමිත්‍ර ඒකනායක, ලලිත් දිසානායක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර, රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක, ජාතික රුධිර සංගමයේ ලේකම් ගාමිණී ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ECB/PMU


    he2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya