අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය කරනවා

    ජූනි 03, 2014
    කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා වාර්ෂිකව කෘෂිකර්ම අමාත්‍යංශය අති විශාල මුදලක් වැය කරන බවත් වසා දමා තිබූ ගොවිපළවල් අමාත්‍යංශය යටතට ගෙන පවත්වාගෙන යන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පැවසීය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවට සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝගය වෙනුවෙන් අදහස් දක්වමිනි.
     
    පැරණි වී වර්ග හඳුන්වාදීමටත් ඒවා වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීමටත් කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා නව බීජ වර්ග හදුන්වාදීමේ වැඩපිළිවෙළවල්ද ක්‍රියාත්මක වන බවත් කීය.
     
    දේශීය බීජ රෝපණය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් කෘෂි අලෙවි ජාලයක් ඇති කොට ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ගොවි විශ්‍රාම වැටුප නැවත ලබාදීමට කටයුතු කිරීම ගොවීන්ට ලබාදෙන උපහාරයක් ලෙසින් සැලකිය හැකි බවත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya