අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂයකට අධික පිරිසක් ගොවි විශ්‍රාම වැටුප් ලබනවා

    ජූනි 03, 2014

    ලක්ෂ 9කට අධික පිරිසක් කෘෂි රක්ෂණයේ රක්ෂිතයන් ලෙසින් ලියාපදිංචි වී සිටින බවත් ලක්ෂයකට අධික පිරිසක් මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලැබීමේ හිමිකම් ලබා ඇති බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවට සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝගය වෙනුවෙන් අදහස් දක්වමිනි.


    1987 දී ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය හරහා ගොවියාට රුපියල් 200ක විශ්‍රාම වැටුපක් ලැබුණු බවත් අද එම මුදල රුපියල් 5000ක් දක්වා වැඩිකිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වයස අවුරුදු 60 - 63 වයස් සම්පූර්ණවූවන්ට රුපියල් 1000ක මුදලක් ද, අවුරුදු 64 - 70 දක්වා වූවන්ට රුපියල් 1250ක් ද, අවුරුදු 71 - 77 දක්වා වූවන්ට රුපියල් 2000ක් හා අවුරුදු 78ට වැඩි පුද්ගලයින්ට රුපියල් 5000ක මුදලක් ද විශ්‍රාම වැටුප් වශයෙන් හිමි වන බවත් කීය.


    ගොවි විශ්‍රාම වැටුපේ ප්‍රතිලාභ වර්තමානයේ දී ගොවි ජනතාවට ලැබෙමින් පවතින බවත් රුපියල් 350ක මුදලකට පොහොර සහනාධාරය ලබාදෙන්නේ 18වැනි වරට බවත් පෙන්වා දුන්නේය.


    පොහොර කප්පාදුවක් සිදුවෙලා නැහැ. පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කළා. ඒ අනුව ලබාදෙන ප්‍රමාණයේ යම් යම් වෙනස්කම් සිදු කොට ඇත. මීට අමතරව වැඩිපුර කාබනික පොහොර භාවිත කිරීමටත් උපදෙස් ලබා දී ඇත. ගොවීන් වෙනුවෙන් කළ හැකි ඉහළම සැලකීම සිදු කළේ වත්මන් ආණ්ඩුවයි. රජ යුගයෙන් අනතුරුව වැඩිපුරට වාරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේද වත්මන් ආණ්ඩුවයි.


    පොහොර ලබාදීමේ දී පොහොර සහනාධාර මිල වන රුපියල් 350ක මුදලට අමතරව රුපියල් 150ක මුදලක් ලබාගන්නේ රක්ෂණ බද්දක් ලෙසින් බවත් පැවසූ අමාත්‍යවරයා 2013 වසරේ දී රුපියල් මිලියන 1190ක් මුදලක් සහ 2014 වසරේ දී රුපියල් මිලියන 1354ක මුදලක් වගා හානි ලෙස ලබා දී ඇති බවත් මෙලෙස වගා හානි ලබාදෙන්නේ රක්ෂණ බද්දෙන් ලබාගන්නා මුදලින් බවත් පෙන්වා දුන්නේය.


    ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා මහාභාණ්ඩාගාරයෙන්, ගොවිසෙත ලොතරැයිය හා ගොවි රක්ෂණ භාරකාර අරමුදලින් මුදල් ලබාදෙන අතර නැවත වරක් ගොවි විශ්‍රාම වැටුප කඩා වැටීමක් සිදුනොවන බවත් කෘෂි රක්ෂණ මණ්ඩලය යටතේ පවතින ගොවි විශ්‍රාම වැටුප කුමන ආණ්ඩුවක් පැමිණියද නතර කළ නොහැකි බවද වැඩිදුරටත් පැවසීය.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya