අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයං පෝෂණය මාතෘකාවක් කළේ වත්මන් ආණ්ඩුවයි

    ජූනි 03, 2014
    ස්වයං පෝෂණය මාතෘකාවක් බවට පත්කරනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බව මූල්‍ය හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
     
    ගෘහ ඒකකයේ ආදායම වැඩිකිරීමත් ඒ හරහා ඔවුන් ශක්තිමත් කිරීමත් වත්මන් රජයේ අරමුණ බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනස්වන සමාජ ක්‍රමයට සරිලන මුදල් ප්‍රමාණයක් ගම්බද පළාත් සඳහාද ලබාදිය යුතු බවද කීය.
     
    නව අධ්‍යාපන ක්‍රමය හරහා තාක්ෂණය ගමට ගෙනියන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. කෘෂි කර්මාන්තය වුවද දියුණු කළ හැක්කේ ඒ සඳහා තාක්ෂණය මුසු කිරීමෙනි. 2013 වසරේ වී නිෂ්පාදන මෙට්රික් ටොන් මිලියන 3.2කි. එය 2013 වසරේ දී මෙට්රික් ටොන් මිලියන 4.2 දක්වා වර්ධනය වී ඇත. ගබඩා කිරීමේ අපහසුතා ඇතිවුවත් ඒ සඳහා මුහුණ දිය යුතුයි. පසුගිය වසරේ පළමුවැනි වරට වී නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති වුවා. 2006 ටොන් 4065ක් වු බඩ ඉරිඟු නිෂ්පාදනය 2013 වසරේ දී ටොන් 264,230ක් දක්වා වැඩි වී ඇත.
     
    සෑම ගමකටම සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදී තිබෙනවා. එහි ප්‍රතිඵල ඉදිරියේ දී දැකගත හැකියි. රාජ්‍ය බැංකු හරහා ණය ලබාදීමේ දී 15%ක් කෘෂිකර්මික ණය ලබාදීම සඳහා වෙන් කිරීම අනිවාර්යය කොට ඇත. වී සඳහා ස්ථාවර මිලක් ලබාදීමට ද රජය කටයුතු කර ඇත.
     
    ගොවියාට සහන ලබාදීමේ අවශ්‍යතාව මත රජය මෙම ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට තීරණය කළ බවත් වී නිෂ්පාදනය වැඩි කිරීමට ගොවියාට හිතැති වතාවරණයක් ඇති කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    ගොවි ජනතාව කොඳු නාරටිය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ නිසා පෙර නොතිබූ අයුරින් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමය ඇති කළ බවත් වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya