අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවියා ශක්තිමත් කිරීමට රජයට දැක්මක් තිබෙනවා

    ජූනි 03, 2014
    කෘෂි නිෂ්පාදන, ආර්ථික නිෂ්පාදන වැඩිකිරීමට රජය විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතින බවත් ඒ හරහා ගොවියා ශක්තිමත් කිරීමට රජයට දැක්මක් ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා පැවසීය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝගය වෙනුවෙන් අදහස් දක්වමිනි.
     
    ස්වභාවික විපත්හරහා සිදුවන හානිය ජනතාවට නොදැනෙන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් දිවි නැගුම ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කෘෂිකර්මාන්තය සඳහා කරනු ලබන ආයෝජනය සමස්ත අනාගතය වෙනුවෙන් ම සිදුකරන ආයෝජනය බවත් කීය.
     
    ආර්ථික සංවර්ධනය වහ වහා ක්‍රියාත්මක කළ හැක්කේ ගොවියා නඟාසිටුවීම තුළින් බව පෙන්වාදෙන ඒ මහතා මේ සෑම වැඩපිළිවෙළක්ම ගොවියා නඟාසිටුවීම සඳහා සිදුකරන බවත් පෙන්වා දුන්නේය.
     
    "වර්තමානයේ දී සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයක් දක්නට ලැබෙනවා. උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම සිදු කොට ගොවි ජනතාව නැවත පදිංචි කොට ඇත. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කොට ඇත. නිෂ්පාදනය වැඩිවන විට එහි වාසිය ලැබෙන්නේ මේ රටේ ජනතාවටයි. මේ රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හරහා මේ සියලු දේ ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙනවා". 
     
    කාලයක් ඇවෑමෙන් හෝ මෙලෙස ගොවි විශ්‍රාම වැටුපක් ලබාදීම රජය කටයුතු කිරීම රජය විසින් ගත් යහපත් ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya