මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා දෙසතිය ජනපති ප‍්‍රධානත්වයෙන් දියත් කෙරේ

    ජූනි 03, 2014

    ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා දෙසතිය අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

     

    බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා දෙසතිය ජූනි 06 සිට 22 දක්වා දිවයින පුරා පැවැත්වීම සැලසුම් කර ඇත. එම කාලය තුළ දිවයින පුරා ඇති බාලදක්ෂ සමූහයන් කාණ්ඩ වශයෙන් බාලදක්ෂයින් 48,000ක් පමණ මෙම කාර්යයේ නිරත වනු ඇත.

     

    කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩකිරීමට ඇති හැකියාව පුරුදු පුහුණුවෙමින් බාලදක්ෂයින්ගේ හැකියාවන් ලෝකයට හුරු කිරීමත්, ප්‍රජාව සමඟ අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීමත්, ජීවිත හැඩගැස්වීම සඳහා ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමට මංපෙත් විවර කිරීමත් මෙමඟින් බලාපොරොත්තුවේ.

     

    තම කාර්යයන් සඳහා ප්‍රතිපාදන සපයා ගනිමින් බාලදක්ෂ ව්‍යාපාරයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමටත්, ශ්‍රමය වැය කොට කාර්යයන් ඉටුකර ගැනීමේ අභිමතාර්ථයෙන් බාලදක්ෂ දරුවන් පුරුදු පුහුණු කිරීමටත්, මනස, හදවත හා දෑත එක්ව යොමුකර කටයුතු කිරීමේ ඇති හැකියාව වර්ධනය කිරීමටත් මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.


    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් බාලදක්ෂ සේවා හා සම්බන්ධතා දෙසතියේ ප්‍රථම කාඩ්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


    HC

    Boy scout and public relation fortnight launched

    Boy scout and public relation fortnight launched 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya