මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම සෞඛ්‍ය ගැටලුවට එකඟතාවක්

    ජූනි 03, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවදී සම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා වෛද්‍යවරුන්ගේ සංගමය එකඟතාවයකට පැමිණි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද ස්ථාවර නියෝග 23(02) යටතේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.
     
    ඒ අනුව සම සෞඛ්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලබාගත යුතු ලකුණු 120 ප්‍රමාණය වසර 3 - 4ත් අතර කාලයක් තුළ සපුරා ගැනීම හරහා උපාධිය ලබාගැනීමට හැකිවන අයුරින් කාලය ලබාදීමට එහිදී තීරණය වූ බවත් මෙහිදී කාලය නො ව අවශ්‍ය වන්නේ ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya