අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂිත පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
බංග්ලාදේශය, මියන්මාරය, ඉන්දියාව වැනි රටවලින් ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් GSP+ සහනය අහිමි වුවද කර්මාන්ත ක්ෂේත්‍රයේ කිසිදු ගැටලුවක් නොමැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඇඟලුම් ක්ෂේත්‍රයේ යෙදී සිටි අති විශාල ශ්‍රමිකයින් පිරිසක් ඒ සඳහා යොමු වූ බවත් පෙන්වා දුන්නේය.
කොරියානු හා ඉතාලි රජයේ රැකියා ලබාදීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් විශාල පිරිසක් ඒ සඳහා යොමු වූ බවත් මෙම ක්ෂේත්‍රයේ වැඩි පඩියක් ලැබුණද රජයේ රැකියා සඳහා යොමුවීමක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
සමෘද්ධි නියාමකවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විවිධ දැනුවත් කිරීම් සිදුකිරීම හරහා ඇඟලුම් ක්ෂේත්‍රයට ශ්‍රමිකයින් බඳවාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් ඇඟලුම් ක්ෂේත්‍රයේ අපට ඉතා හොඳ ඉල්ලුමක් පවතින බවත් කීය.
"මේ රජය යටතේ නව ප්‍රවණතාවලට ඇතුළත්ව තිබෙනවා. මේ වන විට ආයෝජන ප්‍රවර්ධන කලාප 12ක් ක්‍රියාත්මක වනවා. ඉදිරියේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් කලාප 5ක් ඇතිකිරීමට කටයුතු කරනවා. ඒ ඇඟලුම් ක්ෂේත්‍රයෙන් නොව වෙනත් ක්ෂේත්‍රවලින්".
විවිධ ක්ෂේත්‍රවලින් ආයෝජන කටයුතු කෙරෙහි සිතා බැලීමට සිදු ව ඇති බවත් ඒ හරහා විවිධ ක්ෂේත්‍රකරා යොමුව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
DB