අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උගන්ඩාවේ අන්තර්ජාතික කටයුතු ඇමති ජනපති හමුවෙයි

    ජූනි 03, 2014

    උගන්ඩාවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හෙන්රි ඔකෙලෝ ඔරියෙම් (Henry Oryem Okello) මහතා ඊයේ (02) සවස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.


    තමා උතුරු පළාතේ කළ චාරිකාව ගැන සඳහන් කළ ඇමතිවරයා ප‍්‍රදේශයේ සිදු කෙරෙමින් තිබෙන සංවර්ධනය පිළිබඳව සිය ප‍්‍රසාදය පළ කළේය.


    “කෙටි කාලයක් තුළ ඔබ කර ඇති දේ විශිෂ්ටයි. උගන්ඩාවත් 20 වසරක ත‍්‍රස්තවාදයෙන් පීඩා වින්දා. එබැවින් අපට මේ අභියෝග තේරුම් ගන්න පිළිවන්”, ඔරියෙම් මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.


    ජනාධිපතිතුමා උගන්ඩාවේ කළ චාරිකාව ගැනත් ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය මේ වසරේ ජනවාරි එරට කළ චාරිකාව ගැනත් ඇමතිවරයා සිය ස්තුතිය පුද කළේය.


    තමා අප‍්‍රිකානු රටවල කළ චාරිකා ඵලදායී මෙන්ම ආස්වාදජනක වූ බව කී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, දකුණු - දකුණු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.


    රාජපක්‍ෂ මැතිනිය උගන්ඩාවේ කළ චාරිකාවේ දී මසුලිතා වෘත්තීය පුහුණු ආයතනය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවාය. ඉදිකිරීම් මේ වසරේ නිම කිරීමට සැලසුම් කර ඇත. ශ‍්‍රී ලංකා කණ්ඩායම මසුලිතාහි ළමයින් උදෙසා පැවැත් වූ වෛද්‍ය සායනය රාජපක්‍ෂ මැතිනියගේ නිරීක්‍ෂණයට ලක් විය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ උගන්ඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වී. කනනාතන් මහතා සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    HC/NP_PS&IMU_

    Ugandan Minister of International Affairs Calls on President Rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya