අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ පීඨ ඉදිකිරීම් ජාතික වැඩපිළිවෙළ ඇරඹේ

    ජූනි 03, 2014

    මහින්දෝදය පාසල් දහස යටතේ මහින්දෝදය තාක්ෂණික පීඨ දෙසිය පනහක් 2014 වසර තුළ දී තනා නිම කිරීමේ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) කොළඹ ලුම්බිණි විද්‍යාලයේ දී ආරම්භ විණි.

    එහිදී ජනාධිපතිතුමා තාක්ෂණික පීඨය සඳහා මුල්ගල් තබමින් මෙම ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ අතර මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයද සිසු අයිතියට පැවරිණි. විද්‍යාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බැලීය.

     

    අනතුරුව ජනාධිපතිතුමා විසින් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ද සිසු අයිතියට පත් කරනු ලැබීය.

     

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළුව විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    mahindodaya1

     

    mahindodaya2

     

    mahindodaya4

     

    mahindodaya6

     

    mahindodaya7

     

    mahindodaya9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya